අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක ගුණ සමරුව අද

    සැප්තැම්බර් 26, 2014
    සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ගොඩනංවමින් පොදුජන යුගයක් ඇරඹූ දිවංගත අග්‍රමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 55වැනි ගුණ සමරුව අද (26)ට යෙදී ඇත. 


    මේ නිමිත්තෙන් විශේෂ ගුණසමරු උත්සවයක් නිට්ටඹුව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්වේ.

     

    මෙහිදී බණ්ඩාරනායක සමරුවට ගෞරව දක්වමින් පුෂ්පෝපහාර දැක්වීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

     

     මේ අවස්ථාවේ දී ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මියගේ ගුණ සැමරීමට ද කටයුතු යොදා ඇත.

     

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්, සාමාජිකයන් සහ පවුලේ ඥාතීන් ද එක්වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya