අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් කලා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත් වෙයි

    දෙසැම්බර් 30, 2023

    උතුරු මැද පළාත් කලා උළෙල අති උත්කර්ෂවත් අයුරින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කොරකහවැව පිහිටි පළාත් පුහුණු ශ්‍රවණාගාරයේ දී පසුගියදා (27) දින පැවැත්විණි.

    පළාත් ප්‍රධාන හා සංස්කෘතික අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙය මෙහෙයුණු ලැබීය. මෙවර මෙම කලා උළෙල පවත්වනු ලැබුවේ 33 වන වරට ය. “සමාජ වගකීම බලගැන්වීම උදෙසා කලාව“ යන්න මෙවර කලා උළෙලේ තේමාව කොටගෙන ඇත. උතුරු මැද පළාත පුරාවිහි විසිරී සිටින කලාකරුවන් රැසකගේ හා ම ජාතික මට්ටමේ කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර කලා උලෙල පැවැත්වුණු අතර මේ සදහා පළාතේ කලායතන 187ක් සහභාගී විය. පසුගිය වසර වල රටේ පැවති විවිධ තත්ත්වයන් හමුවේ කලා උළෙල සාමාණ්‍ය පරිදි පැවැති අතර මෙවර කලා උළෙල දහසකට අධික කලාකාමී ජනතා සහභාගිත්වයකින් පැවැත්වීම විශේෂත්වයකි. වේදිකා දිගු නාට්‍ය , කෙටි නාට්‍ය , උඩරට, පහතරට, සබරගමු, නව නිර්මාණ නැටුම්, ජන ගායනා ඇතුළු කෙටිකතා සංග්‍රහ , ගීත රචනා ,කව්‍ය රචනා, ඇතුළු තරග ඉසව් ගණනාවක් යටතේ මෙවර කලාව උළෙලේ තරග පැවැත්විණි.

    ප්‍රවීන ගීත රචක හා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ දේශයේ බුදු සසුනට මෙන්ම කලාව උදෙසා කළ මෙහෙවර උදෙසා සම්මානයෙන් පිදුම් ලැබීම ද මෙවර විශේෂත්වයකි. උතුරු මැද පළාත් කලා උළෙල ගීතයේ පද රචනය ද උන්වහන්සේගේ නිර්මාණයකි . එමෙන්ම සබරගමුව පළාතෙන් උතුරු මැදට පැමිණ උතුරු මැද පළාතේ ආණ්ඩුකාර ධුරය දරමින් රජරට ජනතාවට කළ විශිෂ්ට සේවය අගයමින් “රජරට රජත සේවා“ සම්මානයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පුදනු ලැබීය. ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස පළාතට කළ සුවිශාල සේවය අගයමින් “රජරට රජත සේවා“ සම්මානයෙන් පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ද මෙහිදී සම්මානයෙන් පුදනු ලැබීය.

    මෙම අවස්ථාවට පළාත් සංස්කෘතික හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් අභය ලක්ෂ්මි හේවාපතිරණ මහත්මිය ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, පලාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක මහතා , ආයතන ප්‍රධානීන් , ජාතික මට්ටමේ කලාකරුවන්, පළාතේ අංකුර කලාකරුවන් හා කලාකාමී ජනතාව දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya