අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියුණු මාධ්‍ය සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇති විය යුතු කාලය පැමිණ තිබේ

    සැප්තැම්බර් 24, 2014

    දියුණු මාධ්‍ය සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇති විය යුතු කාලය පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


    ජාතික සාහිත්‍ය මාසයට සමගාමී ව දීප ව්‍යාප්ත ව පවත්වනු ලබන දිස්ත්‍රික් සාහිත්‍ය උත්සව මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය ඊයේ (23) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය සී.පී. ද සිල්වා අනුස්මරණ රංග ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැති අතර එහි ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. සාහිත්‍ය මාසය කියවන මාසය වගේ ම ලියන මාසයත් මේක. කලාකරුවන්, මාධ්‍ය වේදීන් සියලු දෙනාගේ මාසය මෙයයි. අපේ රටේ මෑත කාලය ගත් විට පුවත්පතක් බැලුවාම මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර බොහෝ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

     

    මං හිතන්නේ පසුගිය සතියේ අපි කාගේත් සිත් කළඹපු, කිළිපොළා ගිය වාර්තාවක් අප දැක්කා. ඒ වයස අවුරුදු 08ක දැරියක් දූෂණය කර මරා දැමීමයි. මේ කතාව මතක් කරන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස මේ සියල්ලත් එක්කයි එවැනි දෙයක් වෙන්නේ. නිදහස් මාධ්‍යයක් වැදගත්. ඒ වගේ ම රටකට අවශ්‍යයි. රටකට තොරතුරු දැන ගැනීම අවශ්‍යයි. නමුත් ලෝකයේ සංවර්ධන ප්‍රවණතාව විශේෂයෙන් සංවර්ධනය වූ රටවල්වල සාමිජික, සංස්කෘතික පසුබිම ගත් විට ඔය කියන මංකොල්ල කෑම්, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රබල ලෙස සිදු වන බවත් දරුවාගේ මුළු ලෝකයට ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් බලපාන බවත්" යැයි ද ඔහු කීය.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක් ව මෙය සංවිධානය කර තිබුණි.


    සංස්කෘතිකාංග හා සාහිත්‍ය දේශනයන්ගෙන් ද මෙය සමන්විත විය. 2014 වසරේ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ නිර්මාණකරුවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මෙන් ම දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළත් "නිර්මාණී" කලා සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.


    මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


    NDH/WK-BG- dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya