අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී දිවියෙන් සමුගනී 

    ඔක්තෝබර් 09, 2023

    රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා  අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇත.

    1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

    රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද කටයුතු කළේය.

     දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරීමක් සිදුකළේය."පනාපත්‍ර කුහුඹුපැණියා" හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.

    වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya