මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සඳින් සඳට" එළිදැක්වීම

    සැප්තැම්බර් 09, 2014

    රිවිර පුවත්පතේ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංගකෝන් විසින් රචනා කරන ලද "සඳින් සඳට" නවකතාව සාහිත්‍ය මාසයට සමගාමීව කළඑළි දැක් වේ.


    දුරස්වන දෙමාපිය බැඳීම් හමුවේ අසරණ වන දරුවන් මුහුණ දෙන අනුවේදනීය තත්ත්වය පිළිබඳ කියැවෙන මෙම නවකතාව මුද්‍රණ ද්වාරයෙන් පිටවන කතුවරියගේ දෙවැනි කෘතියයි. 

    යොවුන් පුවත්පත් ලේඛිකාවක ලෙස  මීට පෙර "කඳුළු වස්සානය" සහ "සසරින් සසරට" නවකතා රචනා කළ ඇය පසුගිය වසරේ "මුතු කුමාරි නොවේ මා" නවකතාව ද ප‍්‍රකාශයට පත්කළාය. 

    "සඳින් සඳට" නවකතාව ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව නිශාන්ත ප‍්‍රකාශනයක් ලෙස එළිදකින අතර ප‍්‍රදර්ශනය පැවැත්වෙන දියන්හි දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ "ජී" ශාලාවේ "නිශාන්ත ප‍්‍රකාශන"  අලෙවි කුටියෙන් මිලදී ගත හැකිය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya