මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ ස්වර්ණමය පුස්තක සම්මානයට ලක්කළ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල

    දෙසැම්බර් 06, 2021

    ලාංකේය සාහිත්‍යකරණ කලාව සුපෝෂණය කිරීමට ඇපකැප වූ විශිෂ්ටයින් සම්මානයට පාත්‍ර කෙරෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල (04) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි.

     

    ස්වර්ණ පුස්තක මණ්ඩලයේ සභාපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා ප්‍රමුඛ උත්තරීතර,පාදක සහ මධ්‍ය යන මණ්ඩල තුනක පූර්ණ අධීක්ෂණයක් ඔස්සේ සම්මානිත ග්‍රන්ථ තෝරා ගැනීම මෙහිදී සිදුකර තිබේ.

    ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශීත නවකතා පහ අතුරින් රූපා ශ්‍රියානී ඒකනායක මහත්මිය රචනා කළ “භේරුණ්ඩ කැදැල්ල“ කෘතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානය මේවර හිමි වූ අතර 2011 වර්ෂයේ දී ද ඇය විසින්ම රචනා කළ “සිටුවර පුවත“කෘතිය සඳහා ද ස්වර්ණ පුස්තක සම්මානය රූපා ශ්‍රියානී ඒකනායක මහත්මිය විසින්ම හිමිකර ගත්තා ය.

    විවිධ අංශ ගණනාවක් ඔස්සේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් විශිෂ්ටයෝ මේවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී පිදුම් ලැබුහ.

    පහළොස්වනවරටත් පැවත් වූ මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ සම්පත් බැංකුව එක්ව සංවිධානය කරනු ලබයි.

    ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වූ අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya