මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුරුළු කතරගම මහා දේවාලයේ පෙරහර ඇරඹෙයි

    අගෝස්තු 27, 2014

    ගලෙන්බිඳුණු වැව ඓතිහාසික හුරුළු කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පසුගිය 24දා දේවාල භූමියේ කප් සිටුවීමෙන් ආරම්භ කළ අතර මේ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 08 දින දක්වා පැවැත්වීමට නියමිතය.


    වසර 450ක පමණ ඉතිහාසයක් පවතින මේ පෙරහර මංගල්‍යය කතරගම දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා පවත්වනු ඇත. අද (27) හා හෙට (28) දේවාල ඇතුළු පෙරහර පැවැත්වෙන අතර අනිද්දා (29) සිට සැප්තැම්බර් 02 දින දක්වා කුඹල් පෙරහර පැවැත්වේ. සැප්තැම්බර් 03 සිට 07 දින දක්වා රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිත බව ගලෙන්බිඳුණු වැව ඓතිහාසික හුරුළු කතරගම මහා දේවාලයේ දේවාලයේ බස්නායක නිලමේ උදේනි බණ්ඩාර ඉලංගසිංහ මහතා පැවසීය.


    රන්දෝලි පෙරහර ඓතිහාසික දේවාල භූමියෙන් ආරම්භ කර යකල්ල මාර්ගයෙන් ගමන් කොට නැවත දේවාල භූමියට පිවිසීමට නියමිතය. සැප්තැම්බර් 08 දින හුරුළු වැවේ දිය කැපීමේ උත්සවයෙන් පෙරහර මංගල්‍යය අවසන් වන අතර එදින රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පසුදින එනම් සැප්තැම්බර් 09 උදෑසන මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක්ද සිදු කරන බව බස්නායක නිලමේවරයා පැවසීය.

    NDH/WK-BG dmu polonnaruwa 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya