මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බලය සහ බලය" කෘතිය එළි දැක්වීම හෙට

    අගෝස්තු 04, 2014
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත "බලය සහ බලය" කෘතිය සහ ‘Power & Power’ නමින් එහි ඉංග්‍රීසි පර්වර්තනය එළිදැක්වීම හෙට (05) පස්වරු 3.00ට කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.


    බලශක්තිය හා ඒ හරහා උකහා ගන්නා දේශපාලන හා ආර්ථීක බලය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයකින් යුක්තව, බලශක්තිය හා බැඳුණු ඓතිහාසික මෙන් ම විද්‍යාත්මක හා න්‍යායික පදනම පිළිබඳවත් බලශක්තිය තමන් සතුකර ගැනීම තුළින් හා හැසිරවීම ඔස්සේ ලෝකයේ බලතුලනය හා දේශපාලන, ආර්ථික දිශානතීන් හැඩගැස්වෙන ආකාරය පිළිබඳවත් විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදෙමින් අමාත්‍ය චම්පික රණවක මහතා විසින් මේ කෘතිය රචනා කොට තිබේ.


    අමාත්‍යවරයාගේ විද්‍යාව, තාක්ෂණය, බලශක්තිය, දේශපාලනය හා පරිපාලනය පිළිබඳ හසල දැනුම හා ලද අත්දැකීම් මුල්කොට ඉන් බිඳක් අනාගත සුබසිද්ධිය උදෙසා මානව සමාජය වෙත පිළිගැන්වීම වෙනුවෙන් රචිත මෙහි ප්‍රධාන දෙසුම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා සිදු කිරීමට නියමිතය. 


    මැති ඇමතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, බලශක්ති හා විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් රැසක් මේ සඳහා සහභාගී වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya