මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය මාතලේදී

    සැප්තැම්බර් 17, 2019

    මාතලේ මහනගර සභාව, මාතලේ බෞද්ධ මන්ධිරය යන ආයතන වල සහයෝගය ඇතිව දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදය සහ මහතලා සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය 2019 සැප්තැම්බර් 27,28,29,30 දිනවල පැවැත්වෙන බව දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ සභාපති ගාමිණි නිශාන්ත කරුණාරත්න මහතා පැවසීය.

    මෙවර මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය, නවග්‍රන්ථ එලි දැක්වීම්, පොත් ප්‍රදර්ශන,, පාඨක සමාජ තරඟ ආදි පූර්ව වැඩසටහන් ද සහිතව සිව්වන වරටත් පැවැත්වෙන අතර සැප්තැම්බර් 27 වන දින පෙ.ව 9. 00 මහතලා පොත් වසන්තය පොත් දැක්ම නගරාධිපති දේශමාන්‍ය ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. එදින ප.ව.2.00 මහජන පුස්තකාල පාඨක සමාජ තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම නාගරික පුස්තකාල පරිශ්‍රයේ දී සිදු කෙරේ.

    සැප්තැම්බර් 28 පෙ. ව 09. 00. සෝමරත්න හරස්ගමගේ සචේතන කතාවක්, සිල්ගත් සිතක්, ගම බැබලවූ වීරයෝ කෘති ඇසුරු කොට ගෙන සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ නව ප්‍රවණතා යනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායක මහතා විසින් විශේෂ සාහිත්‍ය දේශනයක් මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය .


    සැප්තැම්බර් 29 දින ප. ව.01.00 මාතලේ දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉන්දු මංචනායකගේ පුංචි ළමයි මල්වගේ (ළමා කෘතිය) එළි දැක්වෙන අතර එහිදි සිංහල ළමා සාහිත්‍ය පිළිබද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය පියසීලී විජේමාන්ත මහත්මිය විසින් සාහිත්‍ය දේශයක් පැවැත්වීමට නියමිතය .මෙම උත්සවයේ සාමාප්ති දින උත්සවය සිංහල සාහිත්‍යයේ බෞද්ධ ලකුණ තේමාව යටතේ සැප්තැම්බර් 30 ප. ව.1. 00 මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී සිංහල ගීත සාහිත්‍යයේ බෞද්ධ ලකුණ තේමාව යටතේ රුවන්වැලි මහා විහාරයේ විහාරාධිපති ප්‍රවීණ ගීත රචක පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් ද සිංහල ගද්‍ය සාහිත්‍යයේ බෞද්ධ ලකුණ තේමාව
    යටතේ රජරට විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර අංශයේ අංශාධිපති ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමිපාණන් වහන්සේ විසින් ද දේශන පැවැත්වීමට නියමිතය.

    මෙම උත්සවයේ සම්භාවනීය ආරධිතයින් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර  රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගරු සරත් ඒකනායක මහතා ද සහභාගී වීමට නියමිතය. සාහිත්‍ය කලාවන්ට ඇලුම් කරන සහෘද ප්‍රජාවට මෙම මහතලා සාහිත්‍යකලා මහෝතසවයට සහභාගී වනලෙස මහතලා සාහිත්‍ය අනු කමිටුව ගෞරවයෙන් ආරාධනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya