මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩුදුම්බර නායක තෙරණුවන් වෙත මුදල් පරිත්‍යාගයක්

    ජූලි 11, 2014

    අති පූජ්‍ය නාරන්පනාවේ විමලකීර්ති ශ්‍රී සරණපාල චන්ද්‍රජෝත්‍යාභිධාන උඩුදුම්බර මහා නායක ස්වාමින්වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට පසුගියදා කටයුතු කරනු ලැබ ඇත.


    මේ වන විට එම ස්වාමින්වහන්සේ අනතුරකට ලක්ව ගිලන්ව සිටින අතර, පසුගිය දා කෙළඹ පැවැති ජය පිරිත් සජ්ඣායනාව දිනවල එම කටයුතු සාර්ථක කර ගැනීමට ද නාහිමියන් කැපවීමෙන් කටයුතු කරන ලදී.උඩුදුම්බර ඉසිපතනාරාමයේදී මෙම මුදල ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක් විසින් එම ස්වාමින්වහන්සේ වෙත පිරිනමන ලද අතර, මෙම අවස්ථාවට විහාරස්ථාන දායක සභාවේ සාමාජිකයන් පිරිසක්ද එක්වූහ.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya