මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ලබන 8 දා සිට

    අගෝස්තු 28, 2017

    මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ 110 වන වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 08, 09 හා 10 දින වල දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව මාරත දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම මංගල්‍යයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ගාලු රදගුරු තැන්පත් අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් වහන්සේගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර අප ස්වාමි දුවගේ සිද්ධස්ථානයේ දී පැවැත්විණි.

    එහි දී 2017 වර්ෂයේ මංගල්‍යය පවතින දිනවල සිද්ධස්ථානය ආශ්‍රිතව බැතිමතුන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව, ගමනාගමන කටයුතු, සෞඛ්‍ය හා ප්‍රථමාධාර කටයුතු, රථවාහන සැලසුම් ආදී කරුනු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.


    ගාලු රදගුරු පදවි අනුනායක අතිගරු චාල්ස් හේවාවසම් පියතුමා, මයිකල් කොලින් ගරු සිද්ධස්ථාන පරිපාලක පියතුමා ඇතුළු පියතුමන්ලා සහ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන මහතා, මාතර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතා, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සාන්ත ජෝන් ගිලන්රථ හමුදාව හා සිද්ධස්ථානයේ දායක සභාවේ පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මෙම රැස්වීම සංවිධානය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya