මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මාධ්‍ය සම්මාන - 2013 සඳහා අයදුම්පත් කැඳවයි

    ජූලි 04, 2014
    සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම අරමුණ කරගෙන ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා අගයනු වස් ජාතික මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මෙවරත් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාශය තීරණය කර ඇත.

    ඒ සඳහා 2013 වසර තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය තුළින් ප‍්‍රකාශිත තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස සියලුම ජනමාධ්‍යවේදීන්ට, නිර්මාණ ශිල්පීන්ට, මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට හා පුවත්පත් කතුවරුන්ට එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

    පහත සඳහන් පරිදි සම්මාන පිරිනමන ක්ෂේත‍්‍රයන් සඳහා නිර්මාණ ඉදිරිපත් කළ යුතු වේ. 

    පුවත්පත් - විශිෂ්ට ප‍්‍රවෘත්ති වාර්තාකරණය, විශිෂ්ට ඡායාරූප වාර්තාකරණය, විශිෂ්ට කාටුන් නිර්මාණය, විශිෂ්ට විශේෂාංග ලිපි රචනය, විශිෂ්ට ගවේෂණාත්මක ලිපි වාර්තාකරණය, විශිෂ්ට තීරු ලිපි රචනය, විශිෂ්ට කලා/සාහිත්‍ය විචාරය, විශිෂ්ට කතුවැකිය, විශිෂ්ට කී‍්‍රඩා වාර්තාකරණය, විශිෂ්ට පිටු සැකැස්ම.

    ගුවන්විදුලි - විශිෂ්ට ළමා වැඩසටහන, විශිෂ්ට සංගීතමය වැඩසටහන, විශිෂ්ට කාලීන වැඩසටහන, විශිෂ්ට වැඩසටහන් ඉදිරිපත් කරන්නා, විශිෂ්ට ප‍්‍රවෘත්ති වාර්තාකරණය, විශිෂ්ට නිවේදක.

    රූපවාහිනී - විශිෂ්ට සඟරාමය වැඩසටහන, විශිෂ්ට සංවාද වැඩසටහන, විශිෂ්ට වාර්තා වැඩසටහන, විශිෂ්ට ළමා වැඩසටහන, විශිෂ්ට අධ්‍යාපන වැඩසටහන, විශිෂ්ට ප‍්‍රවෘත්ති වාර්තාකරණය, විශිෂ්ට සංගීත වැඩසටහන, විශිෂ්ට ග‍්‍රැෆික් නිර්මාණය /සජීවීකරණය, විශිෂ්ට පූර්ව ප‍්‍රචාරක පටය, විශිෂ්ට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම.

    වෙබ් අඩවි - විශිෂ්ට පුවත් වෙබ් අඩවිය, විශිෂ්ට පුවත් වාර්තාකරණය, විශිෂ්ට විශේෂාංග ලිපිය,  විශිෂ්ට සැකැස්ම.

    මීට අදාළ අයදුම්පත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සංවර්ධන අංශයෙන් ලබා ගත හැකි අතර www.media.gov.lk වෙබ් අඩවියෙන් ද බාගත කර ගත හැකියි. සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 25 දිනට හෝ ඊට පෙර අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් භාරදිය හැකිය. 

    මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා එම අමාත්‍යාංශයේ දූරකතන අංක 011-2513459 හෝ 011-2513460 මඟින් සංවර්ධන අංශය ඇමතීමෙන් ලබා ගත හැකි වේ. 

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya