මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරුවකුගෙන් සංගීත තැටියක්

    ජූලි 02, 2014


    තිස් වසරක කුරිරු යුද සමයේ රණක්ෂයට පත් 5 වන විජයබාහු රෙජිමේන්තුවේ කෝප්‍රල් චරිත් කුලතිලක රණ විරුවා අද වන විට රණ විරු රියල් ස්ටාර් වැඩසටහන තුළින් සිය හැකියාවන් ඔප්නංවා ගනිමින් සංගීත ක්ෂෙත්‍රය තුළ තම නාමය සටහන් කරමින් සිටියි.


    මෙම ගමනේ තවත් ඉදිරියට යමින් සිය කුළුඳුල් සංගීත සංයුක්ත තැටිය එළිදැක්වීම පසුගියදා 'ශ්‍රී සම්බුද්ධ ජයන්ති' මන්දිරයේදී සිදුකරන ලදී.පණ්ඩිත් අමරදේව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහත්වරුන්ගේ ආශිර්වාදයෙන් ගීත 12කින් යුත් මෙම සංගීත තැටිය ඉදිරිපත් කිරීමට අනුරාධපුර 'අභිමංසල'හි නේවාසිකව සිටිමින් කටයුතු කර ඇත.

    මානුෂිය මෙහෙයුමේදී  මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලෙදී දෘශ්‍ය හා ශරීරික වශයෙන් රණක්ෂයට පත් මෙම සෙබළා රණ විරු රියල් ස්ටාර් - 3 වන මෙහෙයුම තුළින් සංගීත ලොව ජය ගනිමින් සිටියි.''රණ හඬ ඇසුනාවේ" ගී තැටිය පැමිණ සිටි ආරාධිතයන් වෙත පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya