මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකය විශ්වගත කෙරේ

    මැයි 09, 2017

    මෙතෙක් ග්‍රන්ථාරූඩව පැවැති ත්‍රිපිටකය හඩකවා වෙබ් අඩවියක් ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් විශ්ව ගත කිරීම අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර සිදු කෙරිණි.

    බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද අනුග්‍රහය ඇතිව ත්‍රිපිටකය හඩ කැවීමේ මෙහෙයුම් කාර්යාලය මගින් හඩ කවන ලද දීඝ නිකාය ඇතුළත් www.tripitakaya.org වෙබ් අඩවිය මෙහිදී ජපානයේ ප්‍රධාන සංඝනායක, මහාබෝධී සමාගමේ අධ්‍යක්ෂ හා අග්‍රශ්‍රාවක විහාරාධිපති  පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් අතින් විවෘත විය.

    ත්‍රිපිටකය ග්‍රන්ථ 57කින් සමන්විත වන අතර එහි ඉදිරි ග්‍රන්ථ හඩ කැවීමේ කටයුතු පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් සිදු කරගෙන යන බවත් ඉදිරි මාස 3 ඇතුලත එම කාර්යය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ත්‍රිපිටකය හඩ කැවීමේ මෙහෙයුම් කාර්යාලයේ අධ්‍යක්ෂ අම්බුලුගල සුමංගල හිමියෝ පැවසූහ.

    ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස නාහිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කලහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya