අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කොට මහජන ප්‍රදර්ශනයට

    මාර්තු 14, 2017

    මීගමුව බන්ධනාගාර පරිශ්‍රයෙහි පිහිටා ඇති ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව ස්වභාවික ව්‍යසනයන්ට හසුව පසුගිය සමය තුළ ගරාවැටීමට ආසන්න තත්ත්වයක පැවතිණි.

    රටේ ජාතික උරුමයන් සංරක්ෂණය කොට ඉදිරි පරපුර වෙත පවරා දීමේ ජාතික වගකීම වෙනුවෙන් ක්‍රියාවට නැංවෙන සුවිශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමට  පසුගිය දා පියවර ගෙන තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත, පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

    ලන්දේසි යුගයේ දී මීගමුව කොටුවේ ආරක්ෂිත කටයුතු සඳහා යොදාගත් වෙඩි බෙහෙත් තැන්පත් කර තිබුණේ මෙම වෙඩි බෙහෙත් ගබඩාව තුළයි. ගඩොල් සහ කලුගල් මිශ්‍ර කර නිර්මාණය කර ඇති මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම ආරුක්කුමය හැඩයකින් සමන්විතයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ  ක්‍රියාශීලී මැදිහත්වීම මත ඉතා කෙටි කාලයක් තුළ මෙම සංරක්ෂණ කටයුතු නිම කිරීමට හැකි වී තිබෙන අතර,  මෙම ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස දැනටමත්  ගැසට් කර අවසන්. ඒ අනුව පෞරාණික වටිනාකමින් යුත් පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස ජනතාවට මෙම ස්ථානය නැරඹීමේ අවස්ථාව මේ වනවිට සැලසී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya