අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන උළෙල 26 දා

    ඔක්තෝබර් 16, 2016
    කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන උළෙල  ඔක්තෝබර් 26 දින පෙ .ව 9.00 ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් මෙම උළෙල සංවිධානය කර ඇත.
     
    මෙම උත්සවයේ ප්‍රධාන සාහිත්‍ය දේශනය සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා විසින් සිදු කරන අතර මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී නාවින්න වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය. 
     
    දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව පොත් ප්‍රදර්ශනයක් සහ අළෙවි සැලක් ඔක්තෝබර් 26 හා 27 දෙදින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.  
     
    AP/DMU -Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya