අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොටදී

    පෙබරවාරි 09, 2016

    2016 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නයිගල පුරාණ රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.


    මැයි මස 21 සහ 22 වන දින රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (09) අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවැත්විණි.

    ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාව වෙසක් සතිය යනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාව සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නයිගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මුරැතවෙල සුමන නායක ස්වාමින් වහන්සේලා මෙන්ම අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, දිලිප් වෙදආරචිචි හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජයේ නිලධාරින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya