මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරවෛපිල්ලෙයාර් කෝවිලේ ආගමික උත්සවය උත්කර්ෂවත්ව

    ජූනි 01, 2014

    කල්මුණේ ඉපැරණි හින්දු කෝවිලක් වන තරවෛපිල්ලෙයාර් කෝවිලේ ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව, ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ආගමික උත්සවය ඊයේ (31) නිමාවට පත්විය.


    බ්‍රහස්පතින්දා පැවති විශේෂ පූජාවෙන් අනතුරුව ප්‍රතිමාවන් රැගෙන වීදි සංචාරයේ යෙදුණු බැතිමත්හු කල්මුණේ ප්‍රධාන මාර්ගය ඔස්සේ කෝවිලට ළඟා වූහ. තෙදිනක් පුරා මෙම පූජෝත්සවය අම්පාර, කල්මුණේ, කල්මුණේකුඩි සීමාවේ පිහිටි තරවෛපිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණි.


    මෙම ආගමික වත්පිළිවෙත්වලට සමගාමීව දින 41ක් එක දිගට තරවෛපිල්ලෙයාර් කෝවිලේ පූජාව පැවැත්වුණු අතර බැතිමත්හු විශාල පිරිසක් එයට සහභාගී වූහ.    


    UW_ku

    kalmune kovil festive 1

    kalmune kovil festive 2

    kalmune kovil festive 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya