මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චිත්‍රපට උළෙල - අදත් විශේෂාංග චිත්‍රපට දෙකක්

    මැයි 28, 2015
    2015 - සාර්ක් චිත්‍රපට උළෙලේ තුන්වන දිනය වන අද (28) විශේෂාංග චිත්‍රපට දෙකක් සමග තවත් කෙටි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද පස්වරු 3.30ට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් වන Dreams, Weavers & Viewers චිත්‍රපටය ද,  පස්වරු 4.00ට ඉන්දීය විශේෂාංග චිත්‍රපටයක් වන Chotoder Chobai හා පස්වරු 6.00ට නේපාල කෙටි චිත්‍රපටයක් වන Love? Lust? Love හා පස්වරු 6.30ට ශ්‍රී ලාංකික විශේෂාංග චිත්‍රපටයක් වන Motor Cycle චිත්‍රපටයන් ද ප්‍රදර්ශනය කෙරේ.
     
    ඊයේ (27)  පස්වරු 3.30ට භූතාන කෙටි චිත්‍රපටයක් වන The Incurable Gift හා පස්වරු 4.00ට මාලදිවයින් විශේෂාංග චිත්‍රපටයක් වන   Insaanaa හා පස්වරු 6.00ට ඉන්දියානු කෙටි චිත්‍රපටයක් වන Marble and Post Card ද, පස්වරු 6.30ට බංග්ලාදේශ විශේෂාංග චිත්‍රපටයක් වන Mrittika Maya චිත්‍රපටයන් ද ප්‍රදර්ශනය කෙරුණි.
     
    31දා දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල  පැවැත්වෙන කාලය තුළ සියලු චිත්‍රපට නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට හිමි  වේ. අවසන් දිනය වන 31දා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමෙන් මෙම 
    උළෙල නිමාවට පත් වේ.
     
    චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya