පොසොන් පොහොය ලාංකේයන්ට වැදගත් සංධිස්ථානයක් වුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හා ධර්මදූත පිරිවරගේ ලංකාගමනය සමඟ දායාද වු උතුම් නිර්මල බුදු දහම නිසාවෙනි. එය කෙතරම්ද යත් මිහිඳු හිමියන් අනුබුදුහිමි ලෙසින් ව්‍යවහාර කරමින් ලක් දෙරණේ නිර්මල බුදු දහම දිවි හිමියෙන් මේ තාක් කාලයක් රැකගත් හෙයිනි.
මේ වන විට ශී‍්‍ර ලංකාවේ ඉඩම් හෙක්ටයාර් 150,000ක් පමණ වූ මුළු පලතුරු වගා වපසරියේ සුලබ පලතුරු විශේෂ 50ක් පමණ දක්නට ලැබෙන අතර ඒවා ඉතා ඉක්මනින් මෙරට ආර්ථික සමෘද්ධියට දායක කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් තිබේ.
SMART ශී‍්‍ර ලංකා සංකල්පය මල්ඵල ගැන්වීම සඳහා ICT යටිතල පහසුකම් සියලු ම කි‍්‍රයාකරුවන් අතර පොදුවේ භාවිත කිරීමේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම අවධාරණය කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාසයේ පැරණි කරගං ලේවාය පිහිටි භූමිය මාගම්පුර වරාය ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමෙන් පසු ව එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.
සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබා දීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගත බවත් පොරොන්දු දෙනුයේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නො වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජී 77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
ජී 77 නමින් ප‍්‍රචලිත “77 කණ්ඩායම සහ චීනය” යන නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වන රටවල සන්ධානයකි. එය සාමාජික රටවල සාමූහික ආර්ථික අභිලාෂයන් ප‍්‍රවර්ධනය, එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත සියලු ප‍්‍රධාන අන්තර්ජාතික ආර්ථික විෂයයන් සම්බන්ධ සාකච්ඡාවල දී ඒකාබද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියා කිරීම සහ සංවර්ධනය උදෙසා දකුණු-දකුණු සහයෝගිතාව ප‍්‍රවර්ධනය අරමුණු කොටගනී.
මෙරට සිදු වූවායැයි පවසන යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට සහ පරීක්ෂණ පවත්වන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුවෙන් විමසා බැලීම තම අදහස බව මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරමින් පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රී ලංකන් විකුණුම් කාර්යාලය මඩකළපුව නගරයේදී අද (11) විවෘත කරන ලදී.කොළඹින් බැහැරව සිටින පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද අටවන විකුණුම් කාර්යාලය මෙය වේ. එසේම නැගෙනහිර පළාතේ පාරිහෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ත්‍රීකුණාමලය නගරයේ ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාලයක් මේ වන විටත් ස්ථාපිත කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හතළිස් හතර වැනි වර්ෂ පූර්ණය අදට යෙදී ඇත.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති ලෝකයේ පළමු මට්ටමේ පරිසර සමුළුවේ දී ගන්නා ලද තිරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී.
අකුරෙන් අකුර අප එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කර තිබෙනවා - ජනපති
සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එය අකුරෙන්, අකුර රටට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදාට තම දේශපාලන දිවියේ වසර 41ක් සපුරයි.
ලබන ජුනි මස බදුල්ල දිස්ත්‍රික්කයේ ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා පැවැත්වෙන ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා 567ක පිළිබඳව එම ප්‍රජා අවශ්‍යතා විසඳීම සහ ජනබලගැන්වීම වෙනුවෙන් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ආසන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් 8ක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සහ අද (25) බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 08ක ඉතා සාර්ථකව පවත්වනු ලබයි.
ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ කතාව.
ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුත්තේ ඒකාබද්ධ විපක්ෂය වුවද මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් යැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.