අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයන්ගේ නෙතු නොගැටුණු කිරිඳි ඇල්ල

    නොවැම්බර් 20, 2014
    ඌව පළාත ආගමික, සංස්කෘතික මෙන් ම සොබාව සෞන්දර්යය හේතුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වී තිබේ. එයිනුත් බදුල්ල දිස්ත්‍රික්කය සුවිශේෂී වන්නේ, සොබාදම් මාතාවගේ සුන්දර නිර්මාණයක් වන ස්වාභාවික දිය ඇලි කිහිපයක්ම එහි පිහිටා  තිබීමයි. ඒ අතරට ලංකාවේ උස ම දිය ඇල්ල වන බඹර කන්ද මෙන් ම දුන්හිඳ, දියළුම, රාවණා ඇතුළු තවත් දිය ඇලි කිහිපයක් ඇතුළත්ය. මෙම සුන්දර නිර්මාණයන් දැක බලා ගැනීමට වසරකට නන්දෙසින් බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රමාණය අති විශාලය.
     
    එහෙත් එසේ පැමිණෙන සංචාරකයන් වැඩි පිරිසකගේ නෙතු නොගැටුණු තවත් රමණීය දිය ඇල්ලක් බණ්ඩාරවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ දැකගත හැකි වේ. 
     
    ඒ ඇල්ලතොට ඔය ගලාබැසීමෙන් නිර්මාණය වී තිබෙන උසින් අඩි සියයක් (100) පමණ වූ "කිරිඳි ඇල්ල" යි. 
     
    බණ්ඩාරවෙල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට දියතලාව දෙසට කිලෝ මීටරයක් ගිය තැන ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ම මෙම දිය ඇල්ල පිහිටා තිබේ. ප්‍රධාන මාර්ගයෙන් මීටර් කිහිපයක් ඈත් ව පිහිටා තිබීමත්, පිහිටීම පෙන්නුම් කරන නාම පුවරුවක් නොතිබීමත්, පිවිසීමට ක්‍රමවත් මාර්ගයක් නොමැතිවීමත් මෙම සුන්දර දිය ඇල්ල සංචාරකයන්ගෙන් මඟහැරීමට හේතු වී තිබේ. 
     
    සොබාව සෞන්දර්යය රිසි සේ විඳගැනීමට බදුල්ලට පැමිණෙන සංචාරකයන්ට "කිරිඳි ඇල්ල" සොඳුරු දසුනක් වන බව නිසැකය.
     
    - සමන් හේරත් -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya