මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය ඡන්දයෙන් පසු ජනපති..?

    නොවැම්බර් 27, 2022

     ? අනාථ ජනතාව ගසාකන වෙළෙඳ පොළ පාලනය නොකළොත්.....???


    (ජනපති සතියේ සටහන)


    රට බංකොලොත් කළ පිරිසට ජනතා විරෝධය පළවි ඔවුන් පළවා හරිද්දී රට බාරගන්නැයි කී විපක්ෂයේ සමහරු කර අරිද්දී ගිණිගත් රට බාරගත් රනිල් මේ වනවිට "තව්තිසාව" ගෙනැත් නැතත් එම ගින්දර යම් තරමකට නිවා තිබේ. පළමු අයවැය ආවේ එවැනි පසුබිමකය.


    පවුල් පිටින් සති ගණන් වේලුනු ගෑස් අර්බුදය දැන් නැත. ලෝක බැංකු සහායෙන් සාගල රත්නායක , මුදිත පීරිස් හා නිළධාරීන් සමග ජනපති එය නිමා කළේ වසර ගණනක් ඇදී යා හැකිව තිබූ අර්බුදයකි. එහෙත් ගෑස් වලින් කෝටි 130 කට ඇරියාය යන චෝදනාවට වඩාත් සාධනීය පිළිතුරු සැපයීම වගකිවයුත්තන්ගේ යුතුකමය.


    දින සති ගණන් ඉන්දන පෝළිම් වල ජීවත් වෙමින් දුක්ගැහැට ගහමරා ගැනීම් වලට ද ලක්වූ ජනතාවට දැන් එවැනි හිසරදයක් නැත. QR ක්‍රමයට පින්සිදු වෙන්නට එම අර්බුදය ද ජනපති හා බලශක්ති ඇමති ඇතුළු පිරිස නිමකොට තිබේ.


    එහෙත් ඉතා අඩුමිලට රුසියාවෙන් හා ඉරානයෙන් ඉන්දන ලබා ගැනීමට හැකියාව තිබියදී ඒ සදහා මැදිහත්විය හැකි පුද්ගලයන් රටතුළ සිටියදී ඩුබායි හි පිහිටවූ තැරැවිකාර සමාගමක් හරහා තවමත් ඉන්දන ගෙන්වීම ගැටලුවකි. ඒ තුළින් රටට සිදුවන අලාභය ගැන ජනපති මැදිහත්වීම ජාතික අවශ්‍යතාවකි. රුසියාවෙන් හා ඉරානයෙන් සෘජුවම ඉන්දන ගෙන්වීමට මැදිහත්විය හැකි "වෛද්‍ය සමන් වීරසිංහ හා අබ්දුල් සත්තාර්" වැනි අයගේ සහාය ආණ්ඩුව ලබා නොගැනීම ගැටලුකාරී වන්නේ ඒ තුළය. ගිණිගත් රටට ඉන්දන ගෙන්වීමේදී තවමත් විශාල ගසාකෑම් සිදුවන බවත් මේ වනවිට රු කෝටි 4000 කට වඩා අලාභයක් රටට සිදුව තිබෙන බවත් ඒවා අතරමැදියන්ගේ සාක්කු වලට බැරවී ඇති බවටත් වන චෝදනාව ගැන ද ජනපති ගේ අවධානය යොමුවිය යුතුය. මාස ගණන් මුහුදේ පාවෙමින් තිබෙන නැවි වලට පසුව ආ ඉන්දන නැව්වල වලට ගෙවීම් සිදුවීම ද ගුජුප්සාජනකය. ගල් අගුරු අනිකය. නිසි ලෙස ටෙන්ඩර් නොකැදවීම හා යළිත් විවිධ වංගු හරහා සෘජු මිලදී ගැනීම් වලට යාම සාක්කුවට මිස රටට ආදරේට කරනා වැඩ නොවේ. ඒත් චෝදනා මැද හෝ පොහොර ගැටලුව නිමාව ආසන්නයේ ය.


    අයවැය ආවෝ ගියෝය. විපක්ෂය ක්ෂනිකව කෑගැසූ තරම් සෝඩා බෝතලය විසිරුණේ නැත. අයවැය පරදා මහඡන්ද ලබා ගැනීම විපක්ෂයේ අරමුණ විය. එහෙත් 121 – 84 ක් ලෙස ජනපති ගේ අයවැය කප්ගසා ජයගත්තේය. රාසමානික්කම් අයවැයට විරුද්ධ වුවද ඔහු හැර දෙමළ සන්ධානයේ කිසිවෙකු පැමිණියේද නැත. සජබ දෙමළ මන්ත්‍රී දෙපළ හා මුස්ලිම් දෙදෙනෙකු ද කර ඇර තිබිණ. මෑතක සජබට එක්වූ බවකී සුදර්ශනී පියංකර හා ජෝන් සෙනෙවිරත්න යළි ආණ්ඩුව සමඟ හිටගත්හ.ඇමතිකම් ඉල්ලා ජනපති සමඟ කේවල් කල පොහොට්ටුවේ කිසිවෙකු කර නොඇරීම ද විශේෂත්වයකි.නමුත් සජබෙන් කිසිවෙකු බිලිබා ගැනීමට ආණ්ඩුව සමත්ව නැත. එහෙත් වැඩි ඡන්ද 37 කින් ආණ්ඩුව ජයගැනීම ආණ්ඩුවේ මෙන්ම ජනපති රනිල් ගේ විජයග්‍රහණයකි. දෙවනවර කියවීමේ ඡන්දයේදී එම පරතරය තවත් වැඩිවිය හැකිය.
    එහෙත් රු බිලියන 3800 ක භාණ්ඩාර බිල්පත් අයවැයෙන් සඟවා ඇති බවට වන කරුණ ගැන පැහැදිලි කිරීමක් ආණ්ඩුවෙන් ඒම අත්‍යවශ්‍ය ය. සෙස් බද්ද වැඩි කිරීම ආනයනික භාණ්ඩ වලට පමණක් බව පැවසුණ ද පාසැල් ද්‍රව්‍ය හා සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට එය බලපා ඇති බව නොරහසකි. දුගීන් රෝගීන් වැඩිහිටියන්ගේ ගෙවීම් කප්පාදු කල බවට වන චෝදනාව ද අවධානය යොමුවිය යුත්තක් හා මැදිහත්වීම ද දැඩි අවශ්‍යතාවකි.


    එමෙන්ම මාස්පඩි හෝ දෛනික පඩි වැඩිවී නැති පසුබිමක අද වෙළෙඳ පොළ හැසිරෙන්නේ නූල කැඩුණු සරුංගලයක් මෙනි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණ පවා වෙළෙන්දන් සිය ආධිපත්‍යට ගෙන තිබේ. රටතුළ ආණ්ඩුවක් නැති ගාණය. සියල්ල තීන්දු කිරීම වෙළෙන්ඳන්ට බාරදී ඇමති හා පාරිභෝගික අධිකාරියේ අය පඩි කමින් වාහන පදිමින් ගසාකමින් සැපසේය.


    ජනපතිට රටක සියලු දේ බලන්නට නොහැක.ඇමතිලා දුසිම් ගණන් පත්කරන්නේ ඒකටය. එහෙත් සමහර ඇමතිලා දඟලන්නේ ඇමතිකම තව බලවත් කරගන්නට හා ගාණක් කපා ගන්නටය. ඇමති කටු වලට කෙල හලන අයගේ දැඟලිල්ල බොටුව මිරිකා හෝ තනතුරු ලබා ගැනීමය. ජනපතිට සිදුව ඇත්තේ මරණ තුනක් මැද පැණි කන්නටය. එහෙත් සූක්ෂමව අයවැය දිනුවාසේ මේ කෙරුවාව ද ඉවර කරනොගත හොත් ජනපති මෙන්ම රටට ජනතාවට ද අබ සරණය.


    අශෝක ජයතුංග විසිනි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya