අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයාට ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ නොහැකියි - අමාත්‍යවරු කියති

    නොවැම්බර් 05, 2018

    කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථා විරෝධී අයුරින් ක්‍රියා කළ නොහැකි බව රජයේ අමාත්‍යවරු පිරිසක් අද(05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා :

    කතානායකවරයා මෙලෙස පක්ෂග්‍රාහී ව කරුණු ඉදිරිපත් කිරීම සම්මත විරෝධියි. අපේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්න විසදීමට ප්‍රතිපාදන තිබෙනවා. එම ප්‍රතිපාදන අනුව යම් යම් ප්‍රශ්න කෙරෙහි තීන්දු ගැනීම සිදු කරනවා. දහසය වනදාට කල්තබා තිබූ පාර්ලිමේන්තුව රැස්වීම දින දෙකකින් අඩු කිරීම ද සිදු කළේ නිසි ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. කථානායකතුමාට මේ සම්බන්ධව ප්‍රකාශනයක් නිකුත් කිරීමට කිසිදු නෛතික බලපෑමක් නෑ. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව මාස දෙකක් වුවද කල් තැබීමේ හැකියාව තිබෙනවා.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා :

    ආණ්ඩුවේ නායකයා, අමාත්‍ය මණ්ඩලයේ නායකයා සහ සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයාට ලබා දුන්නේ ව්‍යවස්ථානුකූලවයි. දැනට අලුතෙන් පත් වූ ආණ්ඩුවේ මූලික කර්තව්‍ය වන්නේ ලබන අවුරුද්ද සදහා අයවැය ලේඛනයක් සකස් කිරීමයි. මෙහිදී විපක්ෂයට තිබෙන එක ම කාර්ය හා ඔවුන්ගේ ශක්තිය පෙන්විය හැකි වන්නේ අයවැය පරාජය කිරීමයි. පාර්ලිමේන්තුව කැදවීමට අපරටේ නීති රාමුව තුළ ක්‍රම හතරක් තිබෙනවා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් බලය අනුව පාර්ලිමේන්තුව විසින් ලබා ගත් ස්ථාවර නියෝග අනුව සෑම මසක ම පළමු සතියේ සහ තුන්වන සතියේ අගහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැසවීමට වේලාව සදහන් කර තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70.3 ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කොට කල් තැබීමට ජනාධිපතිවරයාට බලය ඇත.

    අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:

    මෙම ප්‍රකාශය දේශපාලන පදනමක් මත පක්ෂග්‍රාහී ව ඉදිරිපත් කළ මතයක් ලෙසයි පෙන්වා දීමට හැනි වන්නේ. කථානායකවරයා මෙලෙස කටයුතු කිරීම වැරදි සහගතයි. කථානායකවරයාගේ භූමිකාවේ සිට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වැරදි සහගතයි. ව්‍යවස්ථානුකූල ව පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි.  මෙය අභියෝගයකට ලක් කළ හැක්කේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා පමණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා

    ඉතාම කණගාටුදායකයි කථානායතවරයාගේ ස්ථාවරය හා එතුමාගේ ප්‍රකාශය. අගමැතිතුමා පත් කරන්නේ පාර්ලිමේන්තුව නොවෙයි. පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පමණයි සිදු වන්නේ. මෙම අවදියේ සිදුවන මෙම දේශපාලන ක්‍රියාවලිය සාමකාමීව බලය සංක්‍රාන්ති අවදියකයි පවතින්නේ. මෙලෙස ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් එම සාමකාමීත්වයට හානි පැමිණේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya