මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී .සී.ආර්. පරීක්ෂණ විශ්වවිද්‍යාල වෙතින්- කැබිනට් අනුමැතිය- උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශාල දායකත්වයක්-ගොවි ජනතාවට සහනදායි ලෙස මුල්‍ය පහසුකම්- කලාකරුවන්ට ණය සහන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දැක්වූ අඳහස්

    අප්‍රේල් 30, 2020

     

    පී .සී.ආර්. පරීක්ෂණ විශ්වවිද්‍යාල වෙතින්- කැබිනට් අනුමැතිය- උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශාල දායකත්වයක්-ගොවි ජනතාවට සහනදායි ලෙස මුල්‍ය පහසුකම්- කලාකරුවන්ට ණය සහන

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දැක්වූ අඳහස්

    විශ්ව විද්‍යාලයන්හි පවතින පී.සී.ආර් යන්ත්‍ර භාවිතා කොට විශ්වවිද්‍යාල මඟින් පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා වූ තීරණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා

     

    අන් කවර අමාත්‍යංශයකටත් වඩා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය සඳහා අවශ්‍ය දායකත්වය වඩා වැඩියෙන් ලබා දීමට හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීමක දී තීරණය වූ පරිදි විශ්ව විද්‍යාලයන් හි පවතින PCR යන්ත්‍ර භාවිතා කොට විශ්ව විද්‍යාල මඟින් ද PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා වූ තීරණය සඳහා කඩිනමින් අදාළ පාර්ශ්ව හා සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද මෙහි දී ඒ මහතා නිවේදනය කර සිටියේය.

    ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ කොළඹ, කැළණිය, පේරාදෙණිය යාපනය, සබරගමුව යන විශ්ව විද්‍යාලයන් හි පවතින PCR යන්ත්‍ර භාවිතා කොට අවශ්‍ය පහසුකම් ලබා දී විශ්ව විද්‍යාල මඟින් ද පරීක්ෂණාගාර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති බවත් එමඟින් දැනට පවතින PCR පරීක්ෂණ ධාරිතාවය වැඩි කරගැනීමට හැකි වනු ඇති බව ද අමාත්‍ය වරයා මෙහි දී සඳහන් කර සිටියේය.


    රටක් වශයෙන් ගත කළ විවිධ දුෂ්කරතාවයන්ට අනුගත වෙමින්, ත්‍රස්තවාදය, ඩෙංගු වසංගත තත්ත්වය, පාස්කු ප්‍රහාරය වැනි නෙක අභියෝගයන් හමුවේ තම ආර්ථික කටයුතු වල වෙමින් ඒවාට මුහුණ දුන ජාතියක් වශයෙන් මෙම වසංගත තත්ත්වය මර්දනය කර ඇති විටෙක ඒ සඳහා ද මුහුණ දීමට සිදු ව ඇතැයි ද ඒ වෙනුවෙන් අදියරෙන් අදියර තම ඉදිරි වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩලයට හැකි වූ බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මිට පෙර ඉදිරිපත් කරන ලදුව ක්‍රියාවට නැංවෙන මෙරට කෘෂි විප්ලවය වෙනුවෙන් ඉදිරි යල කන්නය සඳහා හෙක්ටයාර 523,500 ක් අස්වැද්දීමට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 150,000 ක් අවශ්‍ය බවත් එය ගෙන්වීම සඳහා රුපියල් බිලියන 10 ක මුල්‍ය ප්‍රතිපාදනය ද, එම කෘෂි විප්ලවයට අදාළ බීජ ආදී වූ අවශ්‍ය අනෙකුත් දෑ සඳහා වූ මුල්‍ය ප්‍රතිපාදනයන් සඳහා ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව මෙහි දී බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව, යුරියා, පොස්පේට්, පොටෑසියම් ආදී වූ මෙම පොහොර වර්ග සියල්ල මැයි මස 20 වන දා සිට ගොවි ජනතාවට බෙදා හැරීමට කටයුතු කෙරේ. එමෙන්ම, අල, ළුණු, මිරිස්, කහ, සුදු ළුණු, අතිරේක බෝග වර්ග 16 ක් පිලිබඳ නිශ්චිත සහතික මිලක් නියම කර ඇති බවත්, එලෙස නියම කරන ලද සහතික මිල එම ගොවි ජනතාවට ලබා දීමට රජය සහතික වන බවත්, ගැනුම් කරුවන් නොමැති විට දී රජය මැදිහත් වී එකී බෝග මිලට ගැනීමට කටයුතු කරන බවත් මෙහි දී බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර සිටියේය.


    ගොවි ජනතාවට සහනදායි ලෙස මුල්‍ය පහසුකම් ලබා දීම සඳහා මහජන බැංකුව මඟින් “අස්වැන්න” නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  කියා සිටියේය.

    මේ යටතේ බෝග වගා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබන අතර මුල්‍ය වශයෙන් සහන දායි පොළී අනුපාතය යටතේ එක ගොවියෙකුට කෘෂි කාර්මික ව්‍යාපෘති සඳහා රුපියල් ලක්‍ෂ 30 ක් දක්වා ණය මුදලක් ලබා ගත හැකි වේ.

    එමෙන්ම, පොකුරු ගම්මාන ඇති කිරීමටත්, ඒ අනුව අපනයනය සඳහා පරමුඛ වූ නිෂ්පාදන සඳහා විශේෂිත ගම්මාන ලෙස පොකුරු ගම්මාන 200 ක් ඇති කිරීමටත්, එකී කෘෂිකාර්මික ද්‍රවය පහසුවෙන් සාධාරණ මිලට ගුණත්වයෙන් ඉහළ ව අලෙවි කිරීම සඳහා සිල්ලර වෙළදසැල් 200 ක් ආරම්භ කිරීමටත්, හරිත උයන් 50 ක් ඇති කිරීමටත්, හෙළ සුවය නමින් වස විස නැති බෝග වගා කරන අක්කර 10,000 ක් වගා කිරිමටත්, සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිසි ලෙස ණය ගෙවා ඇත්නම් ඔවුන්ට ණය පහසුකම් ලබා දීමටත්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
    සතොස සතුව පවතින වී මෝල් සහ වැසීගිය සමුපකාර සතුව ඇති වී මෝල් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය වරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි.


    මේ වන විට තම ජිවනෝපාය අහිමි වී ඇති කලා කරුවන් විශාල පිරිසක් සිටින බවත්, සිනමා කරුවන්, ඒ හා අනුසාංගික වූ විවිධ කාර්යයේ යෙදෙන පිරිස්, තාක්ෂණික ශිල්පින්, රංගන ශිල්පින් හා ඊට අදාළ වන පිරිස්, වේදිකා නාට්‍යයේ නාට්‍ය ශිල්පින් ඇතුළු ඒ සඳහා යෙදෙන සියලුම පිරිස්, සංගීත සංදර්ශන වල නිරත වන සියලුම අංශ වල පිරිස්, ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන්, විවිධ නිර්මාණ කරුවන් ආදී වූ සියලුම දෙනා හට තම ජිවනෝපාය මෙම සමාජ දුරස්ථභාවය හමුවේ අහිමිව පවතින බවත්, ඔවුන්ට සහන ලබා දීම අරමුණු කර ගනිමින් නැවත අය කරගැනීමේ පදනම මත රුපියල් ලක්ෂයේ සිට ලක්‍ෂ 05 දක්වා සහන ණය පොළී අනුපාතයක් යටතේ විශේෂිත ණය ක්‍රමයක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත වගකීම පැවරූ බවත්, ඉදිරි සති වල දී එම සහනය ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනය කර සිටියේය.


     
    එමෙන්ම, අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් මුළු ගුවන් කාලයම අධ්‍යාපනය සඳහා වෙන් වූ දෙමළ සහ සිංහල මාධ්‍ය වලින් අලුයම 04.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වූ විශේෂිත නාලිකා 02 ක් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව තමන් සහ ඩලස් අලහප්පෙරුම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරි පත් කළ බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය වරයා විසින් යෝජනා කරන ලද අතිරේක නාලිකාවක් ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් මෙහි දී සඳහන් විය. එය ජාතියේ දරුවන්ට විශාල මෙහෙයක් ඉටු කරනු ඇතැයි ද මෙහි දී සඳහන් කෙරිණි.


    විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙරටට වර්ෂයකට බිලියන 07 කට ආසන්න විදේශ විනිමයක් මෙරටට ප්‍රේෂණය කරන ලක්‍ෂ 17 ක් පමණ වූ විදේශ සේවා නියුකතියකයින්ට ඔවුන් සේවය කරන රටවල වෛරසය හමුවේ පවතින තත්ත්වය කරණකොට ගෙන මෙරට විදේශ සබඳතා අමාත්‍යංශය මඟින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබන ආකාරය පැහැදිලි කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවක් මණ්ඩලය වෙත ඉදිරි පත් කර ඇති බවත්, ඒ අනුව එකී රටවා ඇති තානාපති කාර්යාලය, මහකොමසාරිස් කාර්යයාලය වෙත තමන්ට ඇති වී තිබෙන ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කළ හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
     
    එම සේවා නියුක්තිකයින්ගේ ඥාතින් හට විදේශ සේවා නියුක්ති කර්යයංශය හරහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1989 යන ක්ෂණික දුරකථන සේවාව මඟින් හැකි වන බවත්, එක් එක් ප්‍රදේශයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ සිටින විදේශ නියුක්තිය පිලිබඳ ව කටයුතු කරන නිලධාරියා සම්බන්ධ වන ලෙස ද විදේශ සබදතා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. විදෙස් රටවල සිටින වලංගු කාලය නිම වූ පිරිස් සම්මත පිළිගත් ක්‍රමානුකූලව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව විදෙස් සිසුන් හට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවත්, ඔවුන් සියල්ල නිරෝධායනය සඳහා යොමු කරනු ලබන අතර සියලු සිසුන් ගෙන්වා ගැනීමෙන් අනතුරුව තානාපති කාර්යයාල වලට ඉදිරිපත් කර ඇති තොරතුරු කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යයංශයේ නිළධාරීන් විසින් ප්‍රමුඛතා ලේඛන සකස් කොට ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බෑවත්, කිසිඳු රටවිරුවෙකු අවතක්සේරු කර නොමැති බවත්, රජයට හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරමින් පවතින බවත් මෙහි දී සඳහන් කෙරිණි. විදේශ සබඳතා අමාත්‍යංශය මඟින් මෙකි ලක්‍ෂ සංඛ්‍යාත සේවා නියුක්තිකයින් පිළබඳ අවධානය යොමු කර ක්‍රමානුකුල වැඩපිළිවෙලක් දියත් කරන බව ද මෙහි දී වැඩි දුරටත් සඳහන් විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya