අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී නොවුණොත් තරුණයාට අනාගතයක් නැති වෙයි Featured

    2040 දී තෙල් සහ ගෑස් ද 2050 දී ගල්අඟුරු ද අවසන්වීම සිදුවන අතර දහනය කරනු ලබන පොසිල ඉන්ධනයන්ගෙන් වායුගෝලයට එක්වන අධික කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයන් හේතුවෙන් නැවත යථා තත්ත්වයන්ට පත් කළ නොහැකි කාලගුණ විපර්යාස මෙන්ම මනුෂ්‍ය සංහතියේ විනාශයට හේතුවන නොයෙකුත් සංසිද්ධින් ඇතිවීම වැළැක්විය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (08) සන්ධ්‍යාවේ ලෝක තරුණ සමුළුව අමතමින් අවධාරණය කර සිටී.


    සංවර්ධනය යන්න ලොවට හඳුන්වා දුන් සිටම එය බොහෝ විට ආර්ථීක වර්ධනය සමඟ අත්වැල් බැඳගත්තක් බව බොහෝ දෙනා දරණ මතයයි. නමුත් සංවර්ධනය යන්නෙහි මූලික සංකල්පය රටින් රටට, දේශයෙන් දේශයට ඒ ඒ ජනවර්ගයාගේ අවශ්‍යතා අනුව වෙනස් විට යුතු අතර ඔවුන්ගේ සාරධර්ම සහ දාර්ශනික පදනම් සංවර්ධනය තුළින් පිළිබිඹු විය යුතුවේ. සංවර්ධනය යන සංකල්පය ලොවට හඳුන්වා දුන් දින සිට බොහෝ රටවල් ආර්ථීක වර්ධනය ළඟාකරගෙන ඇත්තේ පාරිසරික හානි සිදුකිරීමෙන් සහ අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කළ යුතු සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීමෙන් බව අදවන විට පැහැදිලි කරුණක් බව අමාත්‍යවරයා කීය.  


    මිනිස් ක්‍රියාකාරකම් මඟින් පරිසරයට මුදා හැරෙන නොයෙකුත් වායුවර්ග හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය අධික ලෙස ඉහළයෑම නිසා සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම, හිම සහ අයිස් කඳු දියවීම හා හරිතාගාර වායුන්හි සාන්ද්‍රතාව ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් හානිදායක කාලගුණික විපර්යාසයන් සිදුවීම අනිවාර්ය බවත් එම නිසා පෘථීවියේ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පාලනය කළ යුතුය. ඒ සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් දෙකක (2C) මට්ටමකින් හා කාබන්ඩයොක්සයිඩ් වායුවෙහි වායුගෝලීය සාන්ද්‍රණය 450 ppmට වඩා පහළ මට්ටමක පවත්වාගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    1980 දශකයේ සිට ක්‍රම ක්‍රමයෙන් ජෛව ගෝලයද විනාශ වෙමින් පවතින අතර පහත්බිම් ජලයෙන් යටවීම, ගංගා ජලයට කරදිය එක්වීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම, නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වයන්, නියං සහ සුළි කුණාටු, ඕසෝන් වියන ක්ෂයවී යාම නිසා විකිරණවලට ලක්වීමෙන්  ඇතිවන සෞඛ්‍යමය තත්ත්වයන්, ආහාර හා ජල අර්බුදවලට මිනිසාට මුහුණදීමට සිදුවන ඇත.


    මෙවන් තත්ත්වයක් තුළ පාරිසරික තිරසර භාවය ළඟාකරගැනීම සහ ආපදා අවමකරගැනීම සඳහා කාර්යක්ෂම ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයක් දැරිය යුතුය. ඒ සඳහා ජාත්‍යන්තර කලාපීය දේශීය හා උපදේශීය මට්ටමින් දේශපාලනික මැදිහත්වීමක්ද අවශ්‍ය වනු ඇත. මෙවැනි ගෝලීය අර්බුද සඳහා නවෝත්පාදනය මත පදනම් වූ විසඳුම්වලට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය වේ. නවෝත්පාදන මත පදනම් වූ ස්වභාවධර්මය හා සුසංගත වූ නගර නිර්මාණකරණය පිළිබඳ සංකල්පයක්  වන "තිරසර නාගරීකරණය" සාර්ථක ප්‍රවේශයකි. කාර්යක්ෂම නගර සහ හරිත නගර ඇතිවිම මෙමගින් විද්‍යාමානවන ප්‍රතිඵල වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    තාක්ෂණය තුළින් පමණක්ම මේ සඳහා විසඳුම් සෙවිය නොහැකි අතර සාරධර්ම පද්ධතීන් සහ දාර්ශනික අදහස්ද තීරණාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා අත්‍යාවශ්‍යයය. මිනිසා සහ පරිසර පද්ධති අතර, පරම්පරා අතරද සමානාත්මතාවය ඉතා වැදගත්වේ. මිනිසා විසින් ස්වාභාවික පරිසරය අවිචාරවත් ලෙස සූරාකෑම මෙන්ම එවැනි සූරාකෑම් වලට අනුබල දෙන දාර්ශනික අදහස්වලින් මිදී සොබාදහම සමඟ සහජීවනයෙන් විසීමේ චින්තනයන් ඇති කරගැනීම අත්‍යවශ්‍යයය. මෙම චින්තනය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු ආසියානු රටවල්වල සියවස් ගණනාවක් තිස්සේ පැවතියකි. මතුවී ඇති අර්බුධකාරී ගෝලීය ප්‍රශ්න විසදීම සඳහා නව්‍ය දර්ශනයන්, නව්‍ය සංකල්ප සහ නව්‍ය තාක්ෂණයන් සොයාගැනීමේ ගෝලීය ගවේෂණයේදී ඒ සඳහා අපට ලබාදිය හැකි තීරණාත්මක දායකත්වයක් වනු ඇති බවද චම්පික රණවක අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.


    HC

    minister Champika ranawaka at WYC 2014

    minister Champika ranawaka at WYC 2014 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya