අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට නිවාස ලබා දීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා

    නොවැම්බර් 13, 2014

    නිවාස යෝජනා ක්‍රම යටතේ එක් එක් ආසන පදනම් කොට ගෙන ජනතාවට දැවෙන ප්‍රශ්නයක් වන නිවාස නොමැති ජනතාව සඳහා නිවාස ලබා දෙන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    අද පස්වරු 1.00 සිට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයන් විවාදයට ගත් අතර එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්විණි.

     

    රජයේ නිලධාරීන් සඳහා ද යෝජනා ක්‍රම යටතේ නිවාස ලබා දී ඇත. රජයේ සේවකවන් සඳහා ණය ලබාදෙමින් නිවාස ඉදිකර ගැනීමට පහසුකම් සලසා තිබේ. රුපියල් ලක්ෂ 02, රුපියල් 150,000 වැනි ණය ප්‍රමාණ රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ණය ලෙස ප්‍රතිලාභ දෙන්න එකඟ වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් උතුර, දකුණ ලෙස භේද නැතුව දිවයින පුරාවට ම ජාතික වැඩපිළිවෙළක් ලෙස නිවාස ලබා දී තියෙනවා. නිවාස අමාත්‍යාංශය යටතේ මේ වන විට යෝජනා රැසක් ක්‍රියාත්මකයි. දිගින් දිගට ම ඇති වූ ආපදා නිසා ජනතාව සඳහා නිවාස ලබා දීමටත් සිදු විය. රජයේ සේවකයන් සඳහා නිවාස ණය දීමේදී ඒ අයගේ ආර්ථික ශක්තිය ගැන කල්පනා කොට ණය ලබා දිය යුතු බවත් කාලයක් පවතින නිවාස ඉදිකර දීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya