අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට රට හදන වැඩපිළිවෙළක් එදත් නෑ අදත් නෑ

    ඔක්තෝබර් 31, 2014

    අධිරාජ්‍ය විරෝධී, දුෂ්ට බලවේගවලට එරෙහි, නව ලිබරල්වාදය ජයගත හැකි සාර්ථක අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂයට රට හදන වැඩපිළිවෙළක් එදා තිබුණේ නැති අතර අදත් ඇත්තේ නැති බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.


    පහසුකම්වලින් පිරුණු මෙවැනි අයවැයක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. මානව සම්පත් හා භෞතික සම්පත් සංවර්ධනය මෙහි ඉදිරිපත් කර තිබෙනවා. සෑම කෙනෙක්ගේ ම අදහස්, මහජන හමු, අමාත්‍යාංශ මට්ටමින්, ව්‍යාපාරික මට්ටමින් අදහස් ගෙන මේ අයවැය යෝජනා ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    විපක්ෂයේ විවේචනවලින්ද මේ අයවැයට අදහස් ගත්තා. යුද්ධය අවසන් කර මේ රට සංවර්ධන මාවතක ගමන් කරමින් තිබෙනවා. එවැනි අවස්ථාවක ජනාධිපතිතුමා මේ අයවැය ඉදිරිපත් කළේ. සමහරු මෙය මැතිවරණ අල්ලසක් කියනවා. එසේ කියන්නේ හෘදසාක්ෂියට එකඟ ව නොවේ. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව හිතේ තියාගෙනයි. මේ රටේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි අයවැයක් කිසිම ආණ්ඩුවක් ඉදිරිපත් කළේ නැහැ. මේ රට ගොඩනගන්න අවස්ථා විශාල සංඛ්‍යාවක් තිබුණත් එවැනි දෙයක් වුණේ නැහැ.  ලොව දියුණු රාජ්‍යයක් බවට මේ රට පත් කරන්න යම් මාර්ගයකට මේ අයවැයෙන් අවස්ථාව ඇති බව ජනතාව අවබෝධ කර ගෙන ඇති බවත් ඒ ගැන ජනතාවට විශ්වාසයක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya