Print this page

සිළුමිණ හා රැස පුවත්පත් කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ

ජූලි 01, 2018

සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 39 වන වියේ පසුවිය.

දේශපාලන විචාරකයෙකු හා මාධ්‍යවේදීයෙකු වූ චාමර ලක්ෂාන් මහතා සිළුමිණ පුවත්පතේ කර්තෘ ධුරයට පත් වූ ලාබාලතම කර්තෘ වන අතර රැස පුවත්පතේ ආරමිභක කතුවරයා ද විය.

මතුගම සි.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ලක්බිම පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය.  පසුව රිවිර හා ඉරුදින යන පුවත්පත්වල ද ඔහු සේවය කර ඇත.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්