Print this page

ගත වූ වසර තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දුන්නා - මුදල් අමත්‍ය

මැයි 22, 2018

තමන් මුදල් ඇමැති ලෙස පත් වී ගත වූ වර්ෂය තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති අතර රජයේ බදු ආදායම සියයට 12.6%කින් ඉහළ ගොස් තිබේ. පසුගිය මාසයේ නව බදු ගොනු 46000ක් විවෘත කොට ඇත. මේ රටේ ජනතාව තම වගකීම් තේරුම් ගෙන ස්වෙච්ඡාවෙන් ම බදු ගෙවීමට ඉදිරිපත් වන බව මෙයින් පහැදිළි යැයි අමාත්‍යවරයා පැවසුවේ, අද (22) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා ;

රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා.2006සිට  රජයේ සේවකයින්ගේ පඬි වැඩි කර තිබුණේ නෑ. සියලු සේවකයින්ගේ වටුප් 2014 ට සාපේක්ෂව 2020 වනවිට  සියයට එකසිය හතකින් වැඩිවෙනවා. මේවා කවුරුත් මතක් කරන්නේ නෑ. ජනතවගේ ජීවන මට්ටම උසස්  මට්ටමින් පවත්වාගන්න හැකි වී තිබෙනවා.

තම අමාත්‍යාංශය මඟින් සැලසුම් කොට ඇති එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ජනාධිපතිතුමාගේ හා  අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජූනි 22දා ආරම්භ කරන බවත් ගම්පෙරලිය වැඩසටහන යටතේ නිපදවන  නිෂ්පාදන අතුළත් මහා ප්‍රදර්ශනය අගෝස්තු මස ඇඹිලිපිටියේ දී පවත්වන බවත් පැවසී ය.

ගම්පෙරළිය වැඩසටහන මේ රටේ සෑම ගමකම ක්‍රියාත්මක කෙරේ. එය ගම් දියුණු කිරීමට දැනටමත් ක්‍රියාත්මක  කෙරෙන ග්‍රාම ශක්ති සහ අනෙකුත් වැඩසටහන් සමඟ එකතු වී මෑත කාලයේ නොදුටු සංවර්ධනයක් ගමට ගෙන  යාමට බලාපොරොත්තු වන අතර එමඟින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හදුන්වදුන් පියල් හෑම ගමකින් ම බිහිවනු  ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරය පැවසී ය.