Print this page

මානව සම්පත් පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ රජය කටයුතු කළා

නොවැම්බර් 20, 2014

නිදහසින් පසු අපේ රටට මානව සම්පත් පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණේ නැති බවත් එය සකස් කිරීමට මේ රජය කටයුතු කර තිබෙන බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

 

අද පස්වරුවේ විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද යහ පාලනය හා යටිතල පහසුකම්, මානව සම්පත්, ග්‍රාමීය කටයුතු, ආහාර සුරක්ෂිතතා, නාගරික කටයුතු, සමාජ සුබසාධන, පාරිභෝගික සුබසාධන, ජාතික සම්පත්, විද්‍යාත්මක කටයුතු හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

 

මේ වන විට මානව සම්පත් පිළිබඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. අපේ රටේ මෙතෙක් තිබුණේ විවිධ අංශ සඳහා සකස් කළ ප්‍රතිපත්ති පමණයි. නමුත් අප සම්මත ශ්‍රම බලකාය ආවරණය වන පරිදි මේ ප්‍රතිපත්තිය සකස් කළා. මේ ප්‍රතිපත්තිය සමඟ ආයතන විස්සක් පමණ එකතු වී කටයුතු කරනවා. යම් රැකියාවට යාමේදී ඊට අවශ්‍ය සුදුසුකම් මෙන් ම එම තනතුරු හා බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පවා මේ ප්‍රතිපත්තියට අනුව සකස් කර තිබෙන බව ඔහු අවධාරණය කළේය.

 

NDH/HC