Print this page

2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ පහළොස්වැනි දිනය අද‍ Featured

නොවැම්බර් 20, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 15 වැනි දිනය වන අද (20) ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ (ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු) වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් වේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ඇති අතර අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා ප්‍රවාහන අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබඳ විවාදය පැවැත්වේ.


ඒ යටතේ

ප්‍රවාහන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 21,658,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 54,000,000,000ක් වැය ශීර්ෂ 104 හා 306 හා 307 යටතේ අනුමත කරගැනීමට ද

විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 376,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 153,100,000ක් වැය ශීර්ෂ 108 හා 308 යටතේ අනුමත කරගැනීමට ද අද විවාදය පැවැත් වේ.


පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වේ.


HC/NDH