Print this page

2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍දහවැනි දිනය අද‍ Featured

නොවැම්බර් 14, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 10 වැනි දිනය වන අද (14) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 5,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 7,000,000,000ක් ද අනුමත කරගැනීමට ද


ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 808,725,000ක් ද මූලධන වියදම් සඳහා රු. 4,000,000,000ක් ද අනුමත කරගැනීම‍ට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


HC/NDH