Print this page

අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත වේ

නොවැම්බර් 13, 2014

අද (13) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.


අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අතර විවාදයෙන් අනතුරු ව අද පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.


අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව මුලාසනයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් 156 හා 215 වැය ශීර්ෂයන් ද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අයත් 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ දෙකට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව මූලාසනයෙන් සභාවට දැනුම් දෙන ලදී.


HC/NDH