Print this page

අමාත්‍යංශ හතරක වැය ශීර්ෂයන් සම්මත වේ

නොවැම්බර් 12, 2014

අද (12) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.


අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අතර විවාදයෙන් අනතුරු ව අද පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.


අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව මුලාසනයෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයට අයත් 182 වැය ශීර්ෂය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අයත් 187 වැය ශීර්ෂය ද සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට අයත් 116, 298, 300 සිට 302 දක්වා වැය ශීර්ෂයට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ හතරට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව මූලාසනයෙන් සභාවට දැනුම් දෙන ලදී.
 

HC/NDH