Print this page

ආයතන 9ක් ඔස්සේ කෘෂි ක්ෂේත්‍රය නංවාලීමට කටයුතු කරනවා

නොවැම්බර් 11, 2014

ආයතන 9ක් ඔස්සේ ඉලක්ක මෙහෙයවමින් කෘෂි ක්ෂේත්‍රය නංවාලීමට කටයුතු කරන බවත් ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට රුපියල් මිලියන 5,000ක් ඉදිරි වසර 3 සඳහා වෙන් කළ බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පත්මසිරි මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

පොහොර සහනාධාරය එලෙසම ලබා දෙනවා. පලතුරු හා එළවළු අපනයන මට්ටමට දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. ආහාර රැකගැනීම පිළිබඳ ව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ගොවි ගුවන් විදුලි සේවය වඩාත් පුළුල් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC