Print this page

2020 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 7,500ට වැඩි කිරීම රජයේ අරමුණයි

නොවැම්බර් 10, 2014

මේ වන විට ඇමරිකන් ඩොලර් 4,000ක් දක්වා මෙරට ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් ඇති බවත් 2020 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 7,500 දක්වා වැඩි කිරීම රජයේ අරමුණ බවත් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

 

අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ.

 

පසුගිය කාලයේ දී රජයේ අරමුණ වූයේ යටිතල පහසුකම් සංවර්ධනයයි. නමුත් අද වන විට රජය යටිතල පහසුකම් සංවර්ධනය, සුබ සාධනය යන මේ සියල්ල කෙරෙහි ම එක සේ අවධානය යොමු කර තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම රජයේ මූලික ම අරමුණයි. මානව සම්පත, දැනුම, කුසලතා, සෞඛ්‍ය , අධ්‍යාපනය සංවර්ධනය සිදු කරන අතර මධ්‍ය ආදායම් මට්ටමකට අපේ රටට පැමිණිය හැකියි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අද දියුණු මට්ටමක පවතී. අපේ අමාත්‍යාංශය වසර 08ක උපාය මාර්ගික සැලසුමක් සකස් කර ඇති බවත් ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධනයට ඉන් විශාල දායකත්වක් දක්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

NDH/HC