Print this page

ගල්අඟුරු බලාගාර පිළිබඳ ව 1987 සිට 2005 දක්වා නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නෑ

නොවැම්බර් 07, 2014

ගල්අඟුරු බලාගාර පිළිබඳ ව 1987 සිට 2005 දක්වා නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නැති බවත් නියමිත අවස්ථාවේ ගල්අඟුරු බලාගාර ආරම්භ කළා නම් විශාල වියදමක් නතර කරන්න තිබුණ බවත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැනි වැය ශීර්ෂයත් සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 වැනි වැය ශීර්ෂයත් අද පස්වරුවේ විවාදයට ගැනිණි.

විදුලිය ඇණ හිටීමක් හැර විදුලිය කපා හැරීමක් මෙතෙක් සිදු වී නැහැ. අප රට වටා ඇති රටවල නිතර විදුලිය කපා හරිනවා. ගල්අඟුරු බලාගාර ප්‍රමාද වූයේ ඩීසල් බලාගාරවලට උදව් කළ නිසයි. ගල්අඟුරු බලාගාර බිඳවැටීම් ගැන විශාල ප්‍රචාරයක් ගෙන ගියා. විදුලිය බිඳ වැටීමකින් තොර ව විදුලිය සපයනවා නම් අනවශ්‍ය ප්‍රචාර කළ යුතු නැහැ. ලාභදායක ප්‍රභවය වන්නේ ගල් අඟුරුයි. විදුලි සම්බන්ධතාව ලබා ගැනීමට පාරිභෝගිකයාට සහන ලබා දීම අගය කළ යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

NDH/HC