Print this page

අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍සිව්වැනි දිනය අද‍ Featured

නොවැම්බර් 07, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 4 වැනි දිනය වන අද (07) අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යංශ හතරක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 335,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 200,000,000,000ක් ද අනුමත කරගැනීමට ද,


සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 173,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 14,000,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය 117 වැය ශීර්ෂය සහ සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂය විවාදයට ගනු ලැබූ අතර මේ වනවිට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැය ශීර්ෂය සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 යන වැය ශීර්ෂයන් විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 204,050,000ක් ද මූලධන වියදම් සඳහා රු. 39,170,000ක් ද අනුමත කරගැනීමට ද ,


ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 139,450,000ක් ද මූලධන වියදම් සඳහා රු. 11,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


HC/NDH