Print this page

මිහින් ලංකා අද ලාභ ලබන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා

නොවැම්බර් 07, 2014

වරායෙන් ලංකාවට ආදායම් ලැබෙන අතර මිහින් ලංකා අද ලාභ ලබන තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට ඉදිරි සංවර්ධනය සඳහා ලොව රටවල් සමඟ අත්වැල් බැඳ ගෙන තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

අතිගරු ජනාධිපතිතුමා යුද්ධය නිමා කිරීමෙන් පසු බෝම්බ නොපිපිරුණු රටක කොඩිය ගහගෙන වෙනත් රටවල්වලට යන ගුවන් යානා මේ රටේ තිබෙනවා. එහි අභිමානය අප හැමෝට මයි.

පසුගියදා කටුනායක ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මඟින් සිදු කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේදී අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සාකච්ඡා මාර්ගයෙන් එම ප්‍රශ්නය විසඳීමට සිවිල් ගුවන්සේවා අමාත්‍යරයා කරන ලද කාර්යය ගැන ස්තූති විය යුතුයි. එසේ ම කේටරින් සමාගම පිටරටින් ගෙන්වන එළවළු, පලතුරු, මස් මාළු වෙනුවට මෙරට මාළු ප්‍රයෝජනයට ගත යුතුයි. මීගමුවේ මාළු වර්ග, කළපු ඉස්සෝ මෙන් ම මන්නාරමේ කකුළුවෝ ආහාර සැකසීමට යොදා ගත යුතුයි. දිවි නැඟුම කර්මාන්තයක් වශයෙන් අද එළවළු හා පලතුරු නිෂ්පාදනය කරනවා. ඒවා කේටරින් සමාගම සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC