Print this page

සිවිල් ගුවන්සේවා අධිකාරිය අග්නිදිග ආසියාවේ පළමුවෙනි ස්ථානයට

නොවැම්බර් 07, 2014

සුරක්ෂිත බව තහවුරු කළ ආරක්ෂිත සිවිල් ගුවන්සේවා අතර මෙරට සිවිල් ගුවන්සේවා අධිකාරිය ආසියාවේ 03 වෙනි ස්ථානයත් අග්නිදිග ආසියාවේ 01 වෙනි ස්ථානයටත් පත්ව ඇති බව සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

ලංකාවේ අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගම පස් අවුරුදු සැලැස්මකට අනුව කටයුතු කරමින් පවතින බවත් පාඩුව අවම කර ගනිමින් පියාසර කරනවා යැයි ද ඔහු කීය.

ඉදිරි කාලය තුළ ලොව තවත් ගුවන්සේවා සමාගම් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ ඒ ගැන ද්විපාර්ශ්වික සාකච්ඡා කරමින් සිටිනවා. ලෝක එකමුතුවට ගිය වසරේ සම්බන්ධ වෙන්න හැකි වුණා. ශ්‍රී ලකාවේ ගුවන් ටිකට් එකක් අරන් ලෝකයේ රටවල්වලට යන්න මේ නිසා හැකි වෙන බවත් මිහින් ලංකා ගුවන් සමාගම පාඩුව අවම කර ගනිමින් ලාබ ලබන තත්ත්වය පත්වෙමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

නවීන ගුවන් යානා අරගෙන ඉදිරියේදී ගුවන් සේවය සංවර්ධනය කරන්න අපේක්ෂිතයි. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවය ඇගයීමට ලක් වී තියෙනවා. ජාතික ආදායමට මේ මඟින් මුදල් එකතු වෙනවා. ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ ගමන නවත්වන්නේ නැති බවත් එය ඉදිරියට ම යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

NDH/HC