Print this page

පොලිස් නිලධාරීන්ට ආත්මාරක්ෂක වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි

නොවැම්බර් 04, 2014

පොලිස් නිලධාරීන්ට ලබා දෙන පුහුණුව විධිමත් කළ යුතු බවත් ඔවුන්ට ආත්මාරක්ෂක වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවත් බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

යුද්ධය නිසා පොලිස් නිලධාරීන් තුන්සිය ගණනක් මිය ගියා. තුවාල ලැබූ විශාල පිරිසක් තවමත් ප්‍රතිකාර ලබනවා. මේ අයට ලක්ෂ ගණන් මුදල් වියදම් කර රජය ප්‍රතිකාර ලබා දෙනවා. මාස 10ක ණය මුදල නැවත ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. පොලිසියේ අයගේ දරුවන් පොලිස් සේවයට බඳවා ගන්නා විට අමතර ලකුණු ලබා දීමේ ක්‍රමයක් ඇති කළ යුතු බව ද ඔහු කීය.

NDH/HC