Print this page

සාධාරණය ඉටුකරන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උතුරුකරයේ කටයුතු කරනවා

නොවැම්බර් 04, 2014

සාධාරණය ඉටුකරන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උතුරුකරයේ කටයුතු කරන බවත් දැන් මුළු රට ම එක ම නීතියක් යටතට පැමිණ තිබෙන බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.


වසර 30ක් පැවැති යුද්ධය නිසා සිවිල් පරිපාලනය, නීතිය සම්පූර්ණයෙන් ම පිරිහී තිබුණා. දැන් මුළු රටේ ම එක ම නීතියක් යටතට පැමිණ තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වඩාත් හොඳින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.


නීතිය හා සාමය පිළිබඳ ව වෙන ම අමාත්‍යාංශයක් ස්ථාපිත කළාට පසුව මේ ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ඇති වී තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය වැඩිදියුණු කිරීමට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා. පොලිසිය ස්වාධීන කර ගැනීමට සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍යයි. අවංක පොලිස්පතිවරයෙක් සිටිනවා. සාධාරණය ඉටුකරන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උතුරුකරයේ කටයුතු කරනවා. මේ සියලු දෙනාට මාගේ ප්‍රශංසාව පුද කරනවා යැයි ද ඔහු පැවසීය.

NDH/HC