Print this page

රට කොටස් වශයෙන් බෙදන්න බැහැ

නොවැම්බර් 04, 2014

මේ රට කොටස් වශයෙන් බෙදන්නට ගත්තොත් රටේ මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියා අපි කල්පනා කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.


අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සිටින මැතිවරණ කොට්ඨාස වෙනම පරිපාලන කලාපයක් ලෙස ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය ඉල්ලීමක් කර ඇතැයි විජේදාස රාජපක්ෂ මහතා පැවසූ අවස්ථාවේ සිය අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා එක් එක් අයට අවශ්‍ය පරිදි කලාප ලබා දිය නොහැකි බව ද අවධාරණය කළේය.

මුස්ලිම් කොංග්‍රසය නිර්මාණය කළේ මමයි. එයට මැදිහත් වුණේ මමයි. ගම්පොළ සිටින මගේ හිතවතුන්, පාක්ෂිකයන් යොදාගෙන මේ පක්ෂය නිර්මාණය කළේ මුස්ලිම් ජන ප්‍රජාවටත් දේශපාලනය සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින්. දැනට මුස්ලිම් කොංග්‍රසයේ සිටින ඇමතිවරුන් ඒ බව තේරුම් ගත යුතු බවත් මේ රටේ අපි හැමෝම සහජීවනයෙන් ජීවත් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


NDH