Print this page

අයවැය ලේඛනය හමුවේ විපක්ෂ නායකතුමා ගොළුවෙක් වෙලා

නොවැම්බර් 04, 2014

ජනාධිපතිතුමාගේ ඓතිහාසික අයවැය ලේඛනය හමුවේ විපක්ෂ නායකතුමා ගොළුවෙක් බවට පත් ව සිටින බවත් ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රණාමය හිමිවෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරුන්ට බැරි වූ බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රණාමය හිමි වෙනවා. ජ්‍යේෂඨ රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපතිතුමාට ජාත්‍යන්තර කටයුතු රැසක යෙදෙන්නට සිදු වී තිබෙනවා. කොටි සංවිධානය සමඟ හුරතල් වූ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට රැකවරණය දුන්නේ  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා මේ විවේචනවලට සැලෙන්නේ නැති බව ඔහු කීය.

මෙතුමා විපක්ෂයේ අය වුවත් ආරක්ෂා කිරීමට පියවර ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමටයි. එජාපයේ නියෝජ්‍ය නායකවරයා හෝ උප නායකයා අයවැයට විරුද්ධ ව ඡන්දය දෙන්න ගේන්න බැරිවුණා. ආණ්ඩුව පෙරලෙනවා යැයි කියනවා නම්, අයවැය තීරණාත්මක නම් මේ අය ඡන්දවට ගෙන්වා ගැනීමට එජාපයට නොහැකි වූයේ ඇයි? පාර්ලිමේන්තුවට නීතිමය උපදෙස් දෙන විශේෂ නිලධාරියෙකු පත් කර ගත යුතුයි. ඈත එපිට පළාත්වල මන්ත්‍රීවරුන්ට ගමන් කිරීමට ගුවන් ගමන් පහසුකම් ලබා දෙන්නත් දුම්රිය බස්රිය බලපත්‍රය මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රී කාර්යමණ්ඩලයට ලබා දෙන්නත් අවශ්‍ය යැයි ඔහු පැවසීය.

NDH/HC