Print this page

මෙවර අයවැයෙන් සමස්ත ජනතාවට ම සහන

නොවැම්බර් 04, 2014

මෙවර අයවැයෙන් සමස්ත ජනතාවට ම සහන ලැබී තිබෙන බවත් දස වසරක සංවර්ධන සැලැස්ම හා රජයේ වැඩපිළිවෙළ නිසා සියලු අංශවලට සහන දීමට හැකි වී තිබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


අමාත්‍යතුමිය මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

මේ රටේ රාජ්‍ය සේවකයාගේ වැටුප් විෂමතාවන් අද අවම වෙමින් තිබෙනවා. භාෂා විෂමතාව අවම වෙමින් තිබෙනවා. ජාතික කලාකරුවා ගොඩ නැගීමටත් ඔවුන් වෙනුවෙන් විවිධ ඉදිකිරීම් සිදු කිරීමටත් අවධානය යොමු වී තිබෙනවා. නැණසල ව්‍යාපෘතිය අද සාර්ථකයි. බිල් ගේට්ස් සම්මානය පවා එයට හිමි වුණා. නැණසලට අපි සහය වුණා. විපක්ෂය විරුද්ධ වුණා.එයට විරුද්ධ වීම මොන තරම් අසාධාරණද? අධිවේගී මාර්ග වැඩි වශයෙන් පරිහරණය කරන එජාප මන්ත්‍රිවරු අධිවේගී මාර්ග කන්නද කියලා ප්‍රශ්න කරනවා යැයි ද අමාත්‍යතුමිය පැවසුවාය.

NDH/HC