Print this page

සියලු දේශපාලන බලවේග ජනාධිපතිතුමා සමඟයි

නොවැම්බර් 03, 2014

සියලු දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා ඒකරාශි වීම නිසා බොරු චෝදනා කරන්න එපා යැයි ද මොන කතා කීවත් ජනතාව සිටින්නේ ජනාධිපතිතුමා සමඟ නිසා ආණ්ඩුවට එක් වී වැරදි තිබේ නම් කතා කර හදා ගනිමු යැයි ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

ජවිපෙ කතා කරන වෛරය අපට තේරුම් ගත හැකියි. ජවිපෙ පැවැත්මට සමාජයේ ප්‍රශ්න තිබිය යුතුයි. අනුහස් සහිත නායකයෙකු ලෙස අපේ ජනාධිපතිතුමා ලෝකය පිළිගෙන අවසන්. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ ආයතන 22ක් තිබෙනවා. ඒ වුණාට වැයවල වියදම ජනාධිපතිතුමාගේ වියදම කියා රටට කියන්නේ වෛරයෙන් යැයි ද ඔහු කීය.

රටේ දූෂණය වංචාව තිබෙනවා නම් දිසානායක මහත්තයා ජනාධිපතිවරණයට තරග කරන්නේ නැහැ. බදුල්ලේ සමන්ත විද්‍යාරත්න මොනවාද? කීවේ. ඒවා චූන් එකට හොඳ වුණත් ඡන්ද කීයක් ගත්තද? සමාජයේ බොරු ප්‍රශ්න හදන්න එපා යැයි ද ඔහු අවධාරණය කළේය.

NDH/HC