Print this page

ජනාධිපතිතුමාගේ අදහස් වත්මන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා

නොවැම්බර් 03, 2014

වර්තමාන ලෝකයට ගැළපෙන පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන අදහස් උදහස් වත්මන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

ජනාධිපතිතුමා විවිධ අයුරින් විශාල කීර්තියක් අත්කර ගෙන ඇත. මෙරට පමණක් නො ව අන්තර්ජාතික ව ද සංවර්ධනය වන රටවල හඬ ලෙස එතුමා පිළිගැනෙනවා. වර්තමාන ලෝකයට ගැළපෙන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය විය යුතුය කියන මතය එතුමා ඉදිරිපත් කළා. එම අදහස ලෝකයේ පැසසුමට ලක් ව තියෙනවා. එතුමාගේ මතයන් ආසියානු, අප්‍රිකානු රටවලට පිහිටක් වී තියෙනවා. ග්‍රාමීය සංවර්ධනය, කාන්තා සංවර්ධනය තුන්වන ලොව සියලු ම රටවලට වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් අඛණ්ඩ ස්ථාවරයක ඉඳිමින් අදහස් ප්‍රකාශ කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කර තියෙනවා.

 ත්‍රස්තවාදය මර්දනය කිරීමට ලෝක ප්‍රජාවට අවශ්‍ය නම් ත්‍රස්තවාදීන් සියලු දෙනාට එක ම මට්ටමින් සලකන්න ඕනෑ කියන මතය ජනාධිපතිතුමා ලෝකයට රැගෙන ගියා. පිටින් ගෙනවිත් දෙන විසඳුම් ප්‍රායෝගික නැහැ. ත්‍රස්තවාදය අප මුහුණ දෙන ප්‍රශ්න අතර ක්ෂණික විසඳුම් ලබා දෙන ප්‍රශ්නයක් නො වේ. දැඩි අධිෂ්ඨානයක් ඇත්නම්, ත්‍රස්තවාදය මර්දනයට විධිමත් වැඩපිළිවෙළක් තිබේ නම්, ජනතා විශ්වාසය ඇත්නම් ත්‍රස්තවාදය විසඳෙන බව ජනාධිපතිවරයාගේ මතයයි. ඒ බව එතුමා ලොවට පැවසුවා. හුදෙකලාව ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකි බවත් සාමූහිකව ප්‍රශ්නවලට මුහුණ දිය යුතු බවත් එතුමාගේ අදහසයි. මේ තත්ත්වය යටතේ විධායක ජනාධිපති ධූරය අතිශයින් ම වැදගත් වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


NDH/HC