Print this page

මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයා ශක්තිමත් කර තිබෙනවා

නොවැම්බර් 02, 2014

මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයා ශක්තිමත් කර තිබෙන බවත් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ රාජ්‍ය සේවය කප්පාදු කිරීම බවත් වරාය නාවුක හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ විවාදයේ හත්වැනි දිනයේ විවාදයට එක් වෙමින් ගුණවර්ධන මහතා එසේ පැවසීය.

 

1948 නිදහසින් පසු මේ වෙන කොට අය වැය යෝජනා 69ක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි මුදල් ඇමැතිවරු තමයි මෙය ඉදිරිපත් කර තිබුණේ.

 

2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ චොක්සි මහත්තයා තමයි එම රජයේ අය වැය ඉදිරිපත් කළේ. ඒ අය වැයෙන් සිදු වූ එකම දේ තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවශ්‍ය පරිදි කරගෙන යන්න පසුබිම සකස් කර දීම. මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයා ශක්තිමත් කර තිබෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමයි.

 

අය වැය ඡන්ද විමසන කොට විපක්ෂය ඊට විරුද්ධ වුණා. මේ අය මොනවටද විරුද්ධ වෙන්නේ කියලා මම සභාවට පෙන්වන්නම්. විදුලිය සියයට 25කින් අඩු කිරීම, පඩි වැඩිකිරීම, ගොවියාට සහන ලබාදීම, තේ, පොල්, රබර් වගාවන්ට සහන ලබාදීම වැඩිහිටියන්ට සහන ලබාදීම, රට විරුවන්ට සහන ලබාදීම ඇතුළු කරුණු රැසකට තමයි මේ අය විරුද්ධ වෙන්නේ.  අනික් කාරණය තමයි මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන මේ සේවකයන්ගෙන් විවිධ වැඩි අරගෙන ඒ අයගේ වැටුප වැඩි කරනවටත් මේ විපක්ෂය විරුද්ධයි. එම නිසා මෙය හොඳින් තේරුම් ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

අද උදෑසන ජවිපෙ නායකුමා අය වැය ගැන කතා කළා. හැබැයි ඒ කතාව පුරා ම තිබුණේ රාජපක්ෂ පවුල පිළිබඳ බියක්. රාජපක්ෂ පවුලේ සහෝදරයෝ ඇතුළේ පුදුමාකාර බැඳීමක් තිබෙනවා. එක් රාජපක්ෂ කෙනෙක් තව රාජපක්ෂ කෙනෙක් පාවලා දෙන්නේ නැහැ. ඒත් දිසානායක පවුලේ එහෙම දෙයක් නැහැ. ඒ දිසානායකලා තමන්ගේ ජීවිතය බේරගන්න තමන්ගේ ම සහෝදරයා බිල්ලට දුන්නා. ඒ නිසා තමයි ඔය දිසානායකලා රාජපක්ෂ පවුලට බය.

 

HC