Print this page

2015 අය-වැය ලේඛනය නව පරපුර වෙනුවෙන් ඉදිරිපත් කළ සාර්ථක අය-වැයක්

නොවැම්බර් 02, 2014

2015 අය-වැය ලේඛනය නව පරපුර වෙනුවෙන් ඉදිරිපත් කළ සාර්ථක අය-වැයක් බවත් දුරදක්නා නුවණකින් මෙවර අය-වැය සකස් කර තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ විවාදයේ හත්වැනි දිනයේ විවාදයට එක් වෙමින් ගුණවර්ධන මහතා එසේ පැවසීය.

 

අපේ රට 2015 දී මැදි මැදි ආදායම්ලාභී රටක් බවට පත්කිරීමට මේ අය-වැය මඟින් හැකිවෙනවා. 2004 වසරේ දී අපේ රටට තිබුණේ 104%ක ණය බරක්. එය පහළ දාන්න අපට හැකි වුණා. රවි කරුණානායක මහත්තයා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී පැවසුවා. 2001 වසරේදී ලැබුණේ ඍණ ආර්ථිකයක් සහිත රජයක් කියලා. එය නැවත බාර දුන්නේ ධන ආර්ථිකයක් සහිත කියලා එතුමා කිව්වට එය වුණේ කොහොමද කියලා එතුමා කිව්වේ නැහැ. ධන ආර්ථිකයක් හදා ගත්තේ මේ රටේ තියන බොහොමයක් රාජය ආයතන විකුණලා.

 

අද වන විට අපේ ආර්ථික වර්ධන වේගය සියයට 7.7ක්. ඒ වගේ ම කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය ඇතුළු සෑම ක්ෂේත්‍රයක ම සැලකිය යුතු වර්ධනයක් දකින්න තිබෙනවා. දෙමළ සංවිධානයට අපි කියනවා මහින්ද රාජපක්ෂ රජයෙන් ඉගෙන ගන්න‍. දශක තුනක් පැවැති යුද්ධය නිම කරලා. දැවැන්ත සංවර්ධනයක් කළා. කාලයක් තිස්සේ නිදි කිර කිරා වැටී හිටිය සම්බන්ධන් මහතා දැන් අවදිවෙලා විවිධ දේ කියනවා. අපි එතුමන්ට කියන්නේ මේ ජනතාව ගොනාට අන්දන්න ලැබෙන්නේ නැහැ කියලා.


HC