Print this page

අනාගතවාදී අයවැයක්

නොවැම්බර් 01, 2014

මෙය අනාගතවාදී අයවැයක් බවත් පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරල් සරත් වීරසේකර මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

අනාගත දැක්මක් තිබෙන නායකයන් අපිට සිටියේ නැහැ. 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් වුණේ ඒ දැක්ම නිසයි. විපක්ෂය මෙය හුදකලා අයවැයක් කියනවා. ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි රජයේ ඉලක්කය වන්නේ. සියලු ම ක්ෂේත්‍ර ආවණය කරමින් අයවැය සහන ලබා දී තිබෙනවා. අද වන විට ජීවත්වීමේ නිදහස සැමදෙනාට ම ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC